යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ පිළිගත් වෘත්තීය පුහුණු ආයතනයක පුහුණුව සම්පූර්ණ කළ සිසුන්ට ඔවුන්ගේම ස්වයං රැකියා ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදෙන වැඩ සටහනකි.
මෙම ණය පහසුකම් ලබාදීම සඳහා මතු දැක්වෙන වෘත්තීය පුහුණු ආයතන එක් වී තිබේ.
- ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA)
- ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය (NAITA)
- ජාතික තරුණ සේවා සභාව (NYSC)
- කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීම් දෙපාර්තමේන්තුව (DTET)
- ලංකා ජර්මානු කාර්මික පුහුණු ආයතනය (CGTTI)
ණය කොන්දේසි
පොලී අනුපාතය : 10% වාර්ෂිකව
ණය සීමාව : රුපියල් 250,000 (උපරිම)
සහභාගි වන මූල්‍ය ආයතන (PFIS)
- මහජන බැංකුව
- ලංකා බැංකුව
- ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
වැඩිදුර තොරතුරු සඳහා
අධ්‍යක්ෂ
වෘත්තීය මාර්ගෝපදේශ හා රැකියා පිහිටුවීම්
දු.ක. 011-2505123











