• default color
  • green color
  • blue color
Tamil-Sri LankaEnglish (United Kingdom)
Skills for Livelihood, Employability for Skills
මුල් පිටුව Latest News තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව වැඩි කිරීම සඳහා වෘත්තීය පුහුණුව

තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව වැඩි කිරීම සඳහා වෘත්තීය පුහුණුව

තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව වැඩි කිරීම සඳහා වෘත්තීය පුහුණුව,  ධම්මික හේවාපතිරණ සභාපති / ප්‍ර.වි.නි., ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය.

1995 අංක 12 දරන ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු පනතේ ප්‍රවේශයක් අනුව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) පිහිටුවනු ලැබුයේ එහි මධ්‍යස්ථාන 270 ඔස්සේ විශේෂයෙන් ග්‍රාමීය තරුණයන් හට අවශ්‍ය රැකියා අරමුණු කරගත් වෘත්තීය පුහුණුව ලබා දීමටයි.

පසුගිය වසර කිහිපය ඇතුළත VTA මගින් තොරතුරු තාක්ෂණය  ඇතුළුව විවිධ අධ්‍යනය පාඨමාලාවන් සැපයිනි. මේ වන විට 25000 ක ශිෂ්‍ය පිරිසක් VTA හි අධ්‍යන පාඨමාලා හදාරමින් සිටිති. පහත දැක්වෙන්නේ VTA හි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ධම්මික හේවාපතිරණ සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

ප්‍රශ්නය - යමෙකු පුද්ගලික ආයතනයකට නොගොස් වත්තීය  පුහුණුව සදහා VTA තොරා ගන්නේ ඇයි?
පිළිතුර - අපේ අරමුණ වන්නේ වැටුප් සහිත, ස්වයං රැකියාවක් හෝ නිපුණතාව තරුණයින්ට ලබාගැනීමට මාර්ගය කර ගැනීමටත් එමගින් රටේ සංවර්ධනයට දායක වීමත්ය.

අපගේ පාඨමාලා දැරිය හැකි සාධාරණ ගාස්තු යටතේ පැවැත්වෙන නමුත් ඒවා වෙනත් කිසිදු පුද්ගලික ආයතනයක නොමැති මට්ටමේ දේශීයව ජාත්‍යන්තරව පිළිගන්නා තත්ත්වයක පවතී.

දිවයින පුරා පිහිටි අධ්‍යාපන මධ්‍යස්ථාන 90කදී පැවැත්වෙන දිවයිනේ විශාලම පරිගණක අධ්‍යාපන ජාලය අප සතු වෙයි.

ප්‍රමාණය වශයෙන්ම නොව එහි තත්ත්වය සැලකූ විට රජය පිළිගන්නා පාඨමාලා පවත්වා ගෙන යන එකම ආයතනය අප ආයතනය වෙයි. VTA මගින් ලබා ගන්නා ජාතික වෘත්තීය කුසලතා සහතිකය ජාත්‍යන්තරව ද ලැයිස්තු ගත වී ඇත. එපමණක් නොව, බහු ජාතික තොරතුරු තාක්ෂණ දැවැන්තයා වන මයි‍ක්‍රොසොෆ්ට් ආයතනය අප වෙත ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු ආයතනයක් හිමිකම් නොලබන මයික්‍රොසොෆ්ට් උසස් අධ්‍යාපන පීඨ තත්ත්වය ලබා දී ඇත. මෙම තත්ත්වය දරන ආයතන සමස්ත ඉන්දියාවම සැලකූ විට ද ඇත්තක් ආයතන හතරකට පමණි.

එවැනි දැවැන්ත ආයතනයක් වන CISCO සමාගමේ සහතික ලත් ශ්‍රී ලාංකික අධ්‍යයන පීඨ තුන අතරින් එකක් වන්නේ අප ආයතනයයි.

ශ්‍රී ලංකාවේ දැනට සිටින CISCO සහතික ලත් උපදේශකවරුන් පස්දෙනා අතරින් දෙදෙනෙකු සේවය කරන්නේ අප ආයතනයේය. තවද, Adobe අධ්‍යයන පීඨයත් ශ්‍රී ලංකාවේ පිහිටවීමේ කාර්යයේදී අපි නියැලී සිටිමු. දැනට ශ්‍රී ලංකාවේ  Adobe පාඨමාලා පවත්වා ගෙන යන අනෙකුත් ආයතන සඳහා නියමිත සහතික ලබා නොමැති අතර ශ්‍රී ලංකාවේ එකම Adobe අධ්‍යයන පීඨය සතු වනු ඇත්තේ ද අපටය.

අප වෙත මහජන අවධානය යොමු වී නොතිබුණ ද බොහෝ ක්ෂේත්‍රවල වෙළඳපළ ප්‍රමුඛයා වන්නේ අපය. අපගේ පැවැත්ම සහතික වන්නේ දැවැන්ත වෙළඳ ප්‍රචාරණ මගින් නොව මුවින් මුව පැතිරෙන කීර්තිය ඔස්සේය. රාජ්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරමින් තොරතුරු තාක්ෂණ දැනුම උචිත ලෙස ව්‍යාප්ත කිරීම සඳහා අපි දායක වෙමින් සිටිමු. දිගු කාලීන වශයෙන් සැලකූ විට අපගේ පාඨමාලා සම්පූර්ණ කළ ශිෂ්‍යයන්ට තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලී බාහිරකරණය (BPO)යන අංශවලදී අනෙකුත් ආයතනවල පාඨමාලා හැදෑරුම් ශිෂ්‍යයනට වඩා වැඩි අවස්ථා ලැබෙනු ඇත.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා රජයට තොරතුරු තාක්ෂණ විශේෂඥයින්ගේ සංචිතයක් ගොඩනැගීමටත් ඒ මගින් අනෙකුත් රටවල් සමග තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ලබා ගැනීමට සාකච්ඡා කිරීමේදී වඩා බලවත් ස්ථාවරත්වයක් ලබා දෙනු ඇත.

මේ ආකාරයේ අලුත් ව්‍යාපාර අවස්ථා තුලින් ශ්‍රී ලාංකිකයන් සඳහා වඩා හොඳ තත්ත්වයක් සහතික වනු ඇත. මේ වන විට අපි අධ්‍යාපන අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් විෂයමාලා සංවර්ධනය පිළිබඳ කාර්යයේ නියැලී සිටිමු. මේ සඳහා අවශ්‍ය වන අවබෝධතා ගිවිසුම මෑතකදී ම අත්සන් කෙරෙනු ඇත. අ.පො.ස. සා.පෙළ සඳහා තොරතුරු තාක්ෂණ විෂයය හදාරන ශිෂ්‍යයන් 40,000 ක් පමණ දිවයිනේ සිටිති. තවද, 1000 ක් පමණ වූ සිසු පිරිසක් තොරතුරු තාක්ෂණ විෂයය උසස් පෙළ සඳහා හදාරයි. මේ වන විට පාසැල් පරිගණක විද්‍යාගාර 2000 ක් පමණ පිහිටුවා තිබේ.

මෙහි අරමුණ වන්නේ තොරතුරු තාක්ෂණ විෂය වෘත්තියක් ලෙස තෝරා ගන්නා පාසැල් හැර යන පිරිස් වලට වාත්තීය මාර්ගෝපදේශ සපයන ක්‍රමවේදයක් සකස් කිරීමයි. අපේ සැලසුම වන්නේ මේ සඳහා ඉදිරියේදී උපාධි පාඨමාලා ද පවත්වා ගෙන යෑමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සහතිකය ලබා ගැනීමයි.

ප්‍රශ්නය - තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඔබ විසින් සපයන විකල්ප පුහුණු අවස්ථා මොනවාද?
පිළිතුර - වෘත්තීය පුහුණු ආයතනයක් ලෙස අප විසින් දෘඩාංග හා මෘදුකාංග යන දෙඅංශයේම පුහුණු පාඨමාලා පවත්වා ගෙන යනු ලැබේ. මේවා දිවයින පුරා මධ්‍යස්ථාන 270 කදී පැවැත්වේ. මේ අතරිනුත් මධ්‍යස්ථාන 68 කදී ජාතික ඩිප්ලෝමා මට්ටම දක්වා වූ පාඨමාලා පැවැත්වේ. දේශීය සහතික වලට අමතරව Adobe, Sisco හා Microsoft වැනි ජාත්‍යන්තර සහතික පාඨමාලා ද අප ආයතනය මගින් ක්‍රියාත්මක වෙයි. මෙවන් පාඨමාලා හැදෑරූ විගස අඩුම තරමින් රුපියල් 200,000 ක් වන තරමේ රැකියාවක් සඳහා ඔබට අවස්ථාව උදා වේ. මේ වන විට ග්‍රැෆික් නිර්මාණ, මුද්‍රණ හා පූර්ව මුද්‍රණ අංශවලට අදාළ ශිල්පීන් සඳහා ඉල්ලුම වර්ධනය වෙමින් තිබේ.

ප්‍රශ්නය - එවැනි පාඨමාලා සඳහා ඇතුළත් කර ගැනීමේ සුදුසුකම් පටිපාටිය කුමක්ද ?
පිළිතුර - අපගේ ප්‍රධාන අරමුණ වන්නේ පාසැල් අධ්‍යාපනය අවසන් කළ සිසුන්ට පරිගණක දෘඩාංග මෙන්ම මෘදුකාංග පිළිබඳ ව ආකාර්ෂණීය මුදලකට සුදුසුකමක් ලබා දීමයි. මෙම පාඨමාලා හදාරා අවසන් කළ පසු අඩුම තරමේ රුපියල්20,000 ක් වැනි මාසික වැටුපක් ලැබෙන රැකියා අවස්ථා පහසුවෙන්ම විවෘත වේ. ග්‍රැෆික් නිර්මාණ ශිල්පීන්ට මුද්‍රණ කරුවන්ට හා පූර්ව මුද්‍රණ ශිල්පීන්ට ඇති ඉල්ලුම වැඩි වෙමින් පවතී.

ප්‍රශ්නය - ශිෂ්‍යයන්ට රැකියා සපයා ගැනීම සඳහා ඔබ සහාය වනවා ද?
පිළිතුර - අපි ඉදිරියේදී රැකියා තොරතුරු අඩංගු වෙබ් අඩවියක් ආරම්භ කරන්නෙමු. මෙහි රැකියා තොරතුරු මෙන්ම පුහුණුව අවසන් කළ රැකියා අපේක්ෂකයින්ට අදාළ තොරතුරු ද මෙහි අඩංගු වනු ඇත.

ප්‍රශ්නය - ඔබ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ලබා දීම ඇරඹුවේ  කවදාද?
පිළිතුර - එය බොහෝ කලක සිට අපගේ න්‍යාය පත්‍රයේ තිබිණි. එහෙත් පසුගිය අවුරුදු හයක කාලය තුල, ලැබෙමින් පවතින ආසියානු සංවර්ධන බැංකු (ADB) ආධාර සමග, විශේෂයෙන් ම ගම්බද තරුණයින් ඉලක්ක කරගත් පරිගණක අධ්‍යාපනය විධිමත් ඕරාවකට යොමු කිරීමට අපට හැකි විය. ඊට පෙර අපගේ මධ්‍යස්ථාන වලින් ඉලක්ක වූයේ මූලික තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය කෙරෙහිය.

ප්‍රශ්නය - ඔබ විසින් පවත්වා ගෙන යනු ලබන පාඨමාලා මොනවාද?
පිළිතුර - තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ මූලික දැනීමක් ඇති ශිෂ්‍යයන් සඳහා සැලසුම් කරන ලද්දකි. තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT) පිළිබඳ ජාතික ඩිප්ලෝමාව (NDICT) මෙය  ICT සියලුම ක්ෂේත්‍ර ආවරණය කෙරෙන එක් අවුරුදු පූර්ණකාලීන පාඨමාලාවකි. මෙය ICT අංශයේ වෙළඳපළට සරිලන රැකියා ඉලක්ක කරගත් පාඨමාලාවකි. මල්ට්මීඩියා, Network, වෙබ් අඩවි නිර්මාණය, Database, පරිගණක වැඩසටහන්. පරිගණක දෘඩාංග යන විෂය ධාරා මෙම පාඨමාලාවෙන් ආවරණය වෙයි.

Adobe Academy  යනු අප විසින් පවත්වාගෙන යන තවත් පාඨමාලාවකි.

ඔබට නිර්මාණශීලී අංශවල රැකියා කිරීමට වුවමනා නම්, ඔබට Adobe  සමග වැඩ කිරීමටත් එහි මෙහෙයුම් උපාංග ඉගෙන ගැනීමටත් සිදුවන අතර එමගින් පරිගණක ක්‍රීඩා, චලන චිත්‍ර සංස්කරණය හෝ ග්‍රැෆික් ඩිසයින් යනාදී අංශවල රැකියා සඳහා වන පෑදෙනු ඇත. CCNA Discovery පාඨමාලාවේ විෂයමාලාවට ජාලකරණය හා යොදා ගැනුම්, නිවසේ හෝ කුඩා කාර්යාලවල ජාල යොදා ගැනීම් හෝ වඩා සංකීර්ණ ආයතන මට්ටම් ජාලකරණ යන අංශ ඇතුළත්ය. මෙමගින් Routing හා Switching යන අංශවල මූලික දැනුමකුත් SISCO CCNA සහතික විභාග සඳහා සුදානම් වීමටත්, ආරම්භක මට්ටමේ ජලකරණ රැකියා සඳහා යොමුවීමටත් අවකාශ සැලසේ.

CCNA Security පාඨමාලාවෙන් CCNA මට්ටමින් ඔබ්බට තම දැනුම පුළුල් කර ගැනීමටත්, වැඩි ඉල්ලුමක් ඇති ජාල ආරක්ෂණ (Network Security) අංශයේ වෘත්තිකයෙකු වීමටත් උපකාරී වේ. CCNA Security  පාඨමාලාව මගින් ආරම්භක මට්ටමේ පරිගණක ආරක්ෂක පද්ධති රැකියා ලබා ගැනීමටත් ජාත්‍යන්තරව පිළිගන්නා SISCO CCNA Security  සහතික  ලබා ගැනීමටත් උපකාරී වේ.

මෙම පාඨමාලාව රැකියා අරමුණු කරගත් ආරම්භක මට්ටමේ විශේෂඥ දැනුමක් අපේක්ෂා කරන සිසුන් ඉලක්ක කර තිබේ. මෙම පිරිසට Routing  සහ Switching  පිළිබඳ දැනුම වැඩි දියුණු කර ගැනීමට අපේක්ෂා කරන තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් හා උසස් අධ්‍යාපන ආයතන වල තාක්ෂණ උපාධි පාඨමාලාවලට ඇතුළත් වී ඇති සිසුන් ද ඇතුළත් ය.

ප්‍රශ්නය - තොරතුරු තාක්ෂණයට සම්බන්ධ පාඨමාලා සපයන අනෙකුත් ආයතන හා ඔබ ආයතනය අතර ඇති වෙනස්කම් මොනවාද ?
පිළිතුර - අපි දැනටමත් අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධ වැඩසටහනක නියැලී සිටිමු. වත්මන් පාසැල් විෂය මාලාවට තොරතුරු තාක්ෂණය ඇතුළත් නිසා අ.පො.ස. සා.පෙළට වාඩි වූ සිසුන් ඊළඟට ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ)සහතිකය වෙත යොමු කළ හැක. අප වෙත ඉතා විශාල සංඛ්‍යාවක් අයදුම්පත් ලැබුණ ද. ඒ අතරින් 80% ක්ම පුහුණුව සඳහා බඳවා ගැනේ.

මේ අවස්ථාවේ පවතින සීමාසහිත පහසුකම් ප්‍රමාණය නිසා තවදුරටත් වර්ධනය වීමට අවහිර මතු වී තිබේ. අප බලාපොරොත්තු වන්නේ ජාතික සහතිකය සඳහා රුපියල් 2,500 ක් 3000 ක් අතර මුදලත් අය කිරීමට ය. අනෙකුත් පුද්ගලික ආයතන වල අයකිරීම් හා සැසඳීමේදී මෙය ඉතා ආකර්ශනිය අය කිරීමකි.