0117-270270 |
Vocational Training Authority of Sri Lanka
info@vtasl.gov.lk EN සිං Available Soon த Available Soon
නිපුණතා කිරුළ 2026 – ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියට විශිෂ්ට ජයග්‍රහණයක්

නිපුණතා කිරුළ 2026 – ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියට විශිෂ්ට ජයග්‍රහණයක්

Published on July 16, 2026

තරග ඉසව් 18කින් සමන්විත “නිපුණතා කිරුළ 2026” තරගාවලියේ ඉසව් 14කදී ජයග්‍රහණ 23ක් හිමිකරගනිමින්, වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් හිමිකරගත් ආයතනය බවට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය පත්විය.


අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලෝක තරුණ නිපුණතා දිනය නිමිත්තෙන් සංවිධානය කළ “නිපුණතා කිරුළ 2026” තරගාවලිය තරග ඉසව් 18කින් සමන්විත වූ අතර, ඉන් ඉසව් 16ක් සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය නියෝජනය කළේය.

එහිදී ඉසව් 14කින් ජයග්‍රහණ 23ක් හිමිකරගනිමින් අතිවිශිෂ්ට දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, සමස්ත තරගාවලියේ වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් හිමිකරගත් ආයතනය බවට පත්විය.

මෙම අභිමානවත් ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ කාර්ය මණ්ඩලය, පුහුණුකරුවන් සහ සියලුම සිසු දරුදැරියන් වෙත ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ උණුසුම් සුබ පැතුම් පිරිනමන අතර, තරගාවලියට සහභාගී වූ සියලුම වෘත්තීය පුහුණු ආයතන වෙතද සුබ පැතුම් එක් කරයි.

Share:

Related News

Sri Lanka to renew agreement with Asia-Pacific Body to strengthen vocational education
Sri Lanka to renew agreement with Asia-Pacific Body to strengthen vocational education

14 Oct 2026

Read More
අභිමානවත් ජයග්‍රහණයක්! | වෘත්තීය පුහුණු අධිකාරියට ප්‍රථම ස්ථාන රැසක්
අභිමානවත් ජයග්‍රහණයක්! | වෘත්තීය පුහුණු අධිකාරියට ප්‍රථම ස්ථාන රැසක්

14 Aug 2026

Read More
VTA 5 වන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය
VTA 5 වන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය

13 Aug 2026

Read More
VTA Assistant
Online · Ready to help