0117-270270 | info@vtasl.gov.lk
Vocational Training Authority of Sri Lanka
EN සිං Available Soon த Available Soon
අභිමානවත් ජයග්‍රහණයක්! | වෘත්තීය පුහුණු අධිකාරියට ප්‍රථම ස්ථාන රැසක්
Featured

අභිමානවත් ජයග්‍රහණයක්! | වෘත්තීය පුහුණු අධිකාරියට ප්‍රථම ස්ථාන රැසක්

Published on August 14, 2026

තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාව මගින් NVQ සහතිකපත් මිලියනයක් නිකුත් කිරීම පාදක කරගනිමින් පැවැත්වූ ඇගයීම් උළෙලේදී ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සුවිශේෂී ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට සමත් විය.


🥇 වැඩිම NVQ සහතිකපත් නිකුත් කළ රාජ්‍ය ආයතනය ලෙස වෘත්තීය පුහුණු අධිකාරියට ප්‍රථම ස්ථානය හිමි විය.
🥇 බස්නාහිර පළාතේ වැඩිම NVQ සහතිකපත් නිකුත් කළ මධ්‍යස්ථානය ලෙස වෘත්තීය පුහුණු අධිකාරියේ නාරාහෙන්පිට වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය.
🥇 තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි මධ්‍යස්ථාන අතරින් වැඩිම NVQ සහතිකපත් නිකුත් කළ මධ්‍යස්ථානය ලෙස ද නාරාහෙන්පිට වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ප්‍රථම ස්ථානයට පත්විය.
🥈 පෙර ඇගයීම් කුසලතා NVQ සහතිකපත් පිරිනැමීමේදී වෘත්තීය පුහුණු අධිකාරිය දෙවැනි ස්ථානය හිමිකර ගැනීම ද සුවිශේෂී ජයග්‍රහණයකි.
තවද, මිලියනවන NVQ සහතිකපත හිමිකරගත් ශිෂ්‍යයා වෘත්තීය පුහුණු අධිකාරියේ ශිෂ්‍යයෙකු වීම මෙම අවස්ථාවේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් විය.
මෙවැනි ජයග්‍රහණ තුළින් ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුවේ ගුණාත්මකභාවය සහ වෘත්තීය පුහුණු අධිකාරියේ ජාතික මෙහෙවර තවදුරටත් තහවුරු වේ.

Share:

Related News

VTA 5 වන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය
VTA 5 වන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය

13 Aug 2026

Read More
ඔබේ IT අනාගතය අදම ආරම්භ කරන්න!!
ඔබේ IT අනාගතය අදම ආරම්භ කරන්න!!

06 Aug 2026

Read More
ජනසතු සේවා මළල ක්‍රීඩා තරඟාවලිය
ජනසතු සේවා මළල ක්‍රීඩා තරඟාවලිය

04 Aug 2026

Read More
VTA Assistant
Online · Ready to help