0117-270270 | info@vtasl.gov.lk
Vocational Training Authority of Sri Lanka
EN සිං Available Soon த Available Soon
VTA 5 වන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය
Featured

VTA 5 වන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය

Published on August 13, 2026

වෘත්තීය අධ්‍යාපනයේ නව පරපුරක් බිහිකරමින් VTA 5 වන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පැවැත්විණි එහිදී ඩිප්ලෝමාලාභීන් 717 දෙනෙකුට ඩිප්ලෝමා සහතික ප්‍රධානය කරන ලදී


ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) විසින් සංවිධානය කරනු ලබන 5 වන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය – 2026 අද (11) පස්වරු 2.00ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ගරු වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ඇතුළු අමාත්‍යාංශයේ සහ VTA ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.
මෙහිදී VTA පාඨමාලා 15ක් ඔස්සේ වෘත්තීය අධ්‍යයන කටයුතු සාර්ථකව නිම කළ ඩිප්ලෝමාලාභීන් 717 දෙනෙකු වෙත ඩිප්ලෝමා සහතික පිරිනැමිණි.
මෙම පිරිස අතර NVQ 6 මට්ටමේ උසස් ජාතික ඩිප්ලෝමාලාභීන් 33 දෙනෙකු සහ NVQ 5 මට්ටමේ ඩිප්ලෝමාලාභීන් 684 දෙනෙකු ඇතුළත් වේ.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ප්‍රමාණ සමීක්ෂණය, විලාසිතා නිර්මාණ තාක්ෂණය, රූපලාවන්‍ය, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, විදුලි තාක්ෂණය, තරල බල තාක්ෂණය, මෝටර් රථ තාක්ෂණය, CNC නිෂ්පාදනය, මෙකට්‍රොනික් තාක්ෂණය, ශීතකරණ හා වායු සමීකරණ තාක්ෂණය, වෙල්ඩින් සහ ඉදිකිරීම් තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර රැසකින් මෙම ඩිප්ලෝමාලාභීන් බිහිවී තිබේ.
වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව හරහා දේශීය හා ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළට ගැළපෙන නිපුණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණක් වන අතර, මෙවර ඩිප්ලෝමාලාභීන් 717 දෙනාගේ වෘත්තීය ජීවිතයේ නව පියවරක් සනිටුහන් කිරීම මෙම උත්සවයේ විශේෂත්වය විය.
උත්සවයට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා, අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන්, VTA සභාපති/ප්‍රධාන විධායක නිලධාරී විජිත වීරතුංග මහතා, VTA අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රියන්ත වීරසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.

Share:

Related News

අභිමානවත් ජයග්‍රහණයක්! | වෘත්තීය පුහුණු අධිකාරියට ප්‍රථම ස්ථාන රැසක්
අභිමානවත් ජයග්‍රහණයක්! | වෘත්තීය පුහුණු අධිකාරියට ප්‍රථම ස්ථාන රැසක්

14 Aug 2026

Read More
ඔබේ IT අනාගතය අදම ආරම්භ කරන්න!!
ඔබේ IT අනාගතය අදම ආරම්භ කරන්න!!

06 Aug 2026

Read More
ජනසතු සේවා මළල ක්‍රීඩා තරඟාවලිය
ජනසතු සේවා මළල ක්‍රීඩා තරඟාවලිය

04 Aug 2026

Read More
VTA Assistant
Online · Ready to help