අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලෝක තරුණ නිපුණතා දිනය නිමිත්තෙන් සංවිධානය කළ “නිපුණතා කිරුළ 2026” තරගාවලිය තරග ඉසව් 18කින් සමන්විත වූ අතර, ඉන් ඉසව් 16ක් සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය නියෝජනය කළේය.
එහිදී ඉසව් 14කින් ජයග්‍රහණ 23ක් හිමිකරගනිමින් අතිවිශිෂ්ට දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, සමස්ත තරගාවලියේ වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් හිමිකරගත් ආයතනය බවට පත්විය.
මෙම අභිමානවත් ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ කාර්ය මණ්ඩලය, පුහුණුකරුවන් සහ සියලුම සිසු දරුදැරියන් වෙත ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ උණුසුම් සුබ පැතුම් පිරිනමන අතර, තරගාවලියට සහභාගී වූ සියලුම වෘත්තීය පුහුණු ආයතන වෙතද සුබ පැතුම් එක් කරයි.